ජනතාවගේ සර්වජන ඡන්ද බලය දිනාගන්න මහා පාරේ සටන් කිරීමට අපි සූදානම්

බහුතර ජනතාව සමඟ මහපාරේ සටන් කර රටේ ජනතාවගේ සර්වජන ඡන්ද බලය දිනා ගැනීමට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඊයේ (09) පාර්ලිමේන්තුවේ පැවති ‘සර්වජන ඡන්දය බලය’ පිළිබඳ කල්තැබීමේ විවාදයේදී අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස,
“ආණ්ඩුවේ දැන් උත්සාහයක් තිබෙනවා මැතිවරණ කොමිසමේ සාමාජිකයෝ වෙනස් කරන්න. ඒකට කිසිදු හැකියාවක් නෑ. මැතිවරණයක් පැවැත්වෙන මොහොතක කිසිදු ව්‍යවස්ථාදායක සභාවකට අයිතියක් නෑ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වෙනස් කරන්න. ඒක ගැන අපි තීන්දුවක් ගත්තා ව්‍යවස්ථාදාක සභාවේ පළමු රුස්වීමෙම. ඒකට විරැද්ධව යන්න කිසිදු හැකියාවක් නෑ. මැතිවරණය නතර කරන්න එවැනි කුමන්ත්‍රණයක් දියත් වෙනවා නම් ඒක පරාජය කරන්න අපි සූදානම්.
මහලොකුවට කයිවාරු ගහන පුද්ගලයන්ට මේ සභා ගර්භයෙන් මහජන හමුවකට යන්න බෑ. මහපාරේ යන්න බෑ. ජනතාව අතරට යන්න බෑ. අපේක්ෂකයෝ ටිකක් කාමරයකට දාගෙන ඒ රුස්වීම් නම් තියෙනවා. ඒත් මහජන රුස්වීම් තියන්න බෑ. අපි සූදානම් මේ රටේ අතිමහත් බහුතරයක් සමග මහ පාරට බැහැලා මේ රටේ ජනතාවගේ සර්වජන ඡන්ද බලය දිනාගන්න අපි සූදානම් කියන එක ප්‍රකාශ කරනවා.” යනුවෙන්

