ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් මුදල් ලැබිලා නැහැ – රජයේ මුද්‍රණාලායාධිපතිනි

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් මෙතෙක් ලැබී නොමැතිවීම හේතුවෙන් ලබන 20 වනදාට පෙර තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාරදීමට නොහැකි තත්වයක් මතු වී ඇති බව රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි ලියනගේ පවසනවා.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අදාළව කිසිදු ගෙවීමක් සිදුකර නොමැති හෙයින් වැඩකටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවයි ගංගානි ලියනගේ කියා සිටියේ.
එමෙන්ම, ඡන්ද පත්‍රිකා සැකසීම, ප්‍රතිඵල ලේඛන සෑදීම ඇතුළු මේ දක්වා මුද්‍රණය කළ පත්‍රිකාවලට ගෙවිය යුතු රුපියල් මිලියන 152 ක මුදල සහ සේවක ශ්‍රමය සදහා ගෙවිය යුතු තවත් මිලියන 52 ක මුදල් ද තවමත් ලැබී නොමැති බව ද ඇය ප්‍රකාශ කළා.
මේ දක්වා නිමවා ඇති සියලු වැඩකටයුතුවලට ද මිලියන 40 ක් පමණක් භාණ්ඩාගාරයෙන් ගෙවා ඇති බවයි මුද්‍රණාලායාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළේ.
යම් හෙයකින් මුදල් ලැබුණොත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මසක කාලයක් ගත වනු ඇති බව ද ඇය වැඩිදුරටත් සදහන් කළා.

