විමල්ගේ වරෙන්තුව යළි කැඳවයි

විමල්ගේ වරෙන්තුව යළි කැඳවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (14) නියෝග කළා.

මෝසමක් මාර්ගයෙන් අද නඩුව කැඳවු අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ අසනීප තත්ත්වයක් හේතුවෙන් විමල් විරවංශට ඊට සහභාගී වීමට හැකියාවක් නොලැබුණු බවයි.

ඒ අනුව නඩුව යළි කැඳවීම ලබන ජුනි මස 19වනදා දක්වා කල් තැබුවා.

විමල් විරවංශ මහතා ඇතුලු පිරිසකට එරෙහිව අදාළ වරෙන්තුව ඊයේ නිකුත් කෙරුණේ එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණි අවස්ථාවේ උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළේ යැයි කියන සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ මන්ත්‍රීවරයා පෙනී නොසිටීම හේතුවෙන්.