රට වැටිලා තියෙන තැනින් තවත් වට්ටන්න ක්‍රියා කිරීම දේශද්‍රෝහි ක්‍රියාවක්

රට වැටිලා තියෙන තැනින් තවත් වට්ටන්න ක්‍රියා කිරීම දේශද්‍රෝහි ක්‍රියාවක්

උපනූපන් පරම්පරාවල්වලට හෝ රට තුළ ජීවත් වීමට හැකියාවක් ලැබෙන්නේ, ජාතික අර්බුදයක් පවතින අවස්ථාවේ අමාරු කැපවීම සිදු කළ හොත් පමණක් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අද (14) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන,

‘මේක සම්පූර්ණයෙන් දේශපාලන වැඩසටහනක්. කිසිම දේශපාලන විසඳුමක් නෑ… තියෙන්නෙ, ආර්ථික විසඳුමක් පමණයි. ඒ විසඳුම ටිකක් ජනප්‍රිය නැහැ.. වේදනාකාරී අපි හැමෝටම හිරිහැරයි. කරදරයි අමාරුයි. ඒ අමාරු කැපවීම, ජාතික අර්බුදයක් අවස්ථාවේදී කළොත් පමණයි, උපනූපන් පරම්පරාවල්වට හරි මේ රට ඇතුළෙ ජීවත්වෙන්න පුළුවන් වෙන්නෙ”

කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙවැනි අවස්ථාවක කඩාකප්පාල්කාරි ක්‍රියා හෝ රට වැටී ඇති තැනින් තවත් පහළ හෙළන ආකාරයෙන් ක්‍රියා කිරීම රටක ජාතියකට කරන අපරාධයක් මෙන්ම දේශද්‍රෝහි ක්‍රියාවක් බවයි.

”රජය අමාරුවෙන් දවස් ගණන් ම කිසිදු පෝලිමක් නැතිව, පැය 12ක් විදුලිය කපපු රටේ විදුලිය කැපීම නවත්තලා තියෙනවා, දවස් ගණන් තෙල් පෝලිම්වල සිටි ජනතාව මැරිලා වැටෙන තත්ත්යක් තිබිලා, දැන් කිසිදු පෝලිමක් නැහැ. ගෑස් හොයමින් ඇවිදින්නේ නෑ…” යනුවෙන්