තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට්ටුවක් එළියට

තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට්ටුවක් එළියට

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, දීප ව්‍යාප්ත වෘත්තීය සමිති විරෝධතා මාලාවක් ද ක්‍රියාත්මක වෙමින් පවතිද්දී යි.

ඊයේ (13) දිස්ත්‍රික් රැසක ම වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගවල යෙදුණු අතර, එම රෝහල්වල බාහිර ප්‍රතිකාර අංශය සහ සායනික කටයුතු පැවැත්වුණේ නෑ.

මේ අතර, අදාළ වෛද්‍ය වෘත්තිකයන් හා සෙසු වෘත්තීය සමිති නායකයන් අතර සාකච්ඡාවක් පැවැත්වුණේ, ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන්.

කෙසේ වෙතත් රජයේ බදු ප්‍රතිපත්තිය, අසාධාරණ ලෙස විදුලි බිල වැඩි කිරීම, මැතිවරණ කල් දැමීම ආදී සටන් පාඨ මුල් කර ගනිමින් පැවැත්වෙන විරෝධතා මාලාව තවමත් ක්‍රියාත්මක යි.