වෛද්‍ය, වරාය, ජල, විදුලි, තෙල්, දුම්රිය, අධ්‍යාපන සහ තැපැල් ඇතුලු ක්‍ෂේත්‍ර 40ක් අද වර්ජනයක

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය, ජල, විදුලි, තෙල්, දුම්රිය, අධ්‍යාපන සහ තැපැල් ඇතුලු වෘත්තිය සමිති 40ක් අද දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට එළඹීමට නියමිතයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ දක්වා පළාත් මට්ටමින් වැඩවර්ජනය ක්‍රියාත්මක කළ අතර, අද දිනයේ දිවයින පුරා වර්ජනයේ නිරතවන බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියා.
මේ අතර රටේ මගී ප්‍රවාහන පද්ධතිය අඩපණ කිරීමට පෞද්ගලික බස් සංගම් ඉඩ නොතබන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ අද දිනයේ දුම්රිය වර්ජනය කරන්නේ නම් අතිරේක බස් රථ පවා ධාවනයට එක් කිරීමට සිය සංගමය සූදානම් බවය.
“පෞද්ගලික බස් රථ හෙට දිනයේ සුපුරුදු පරිදි ධාවනය කරනවා. වෘත්තීය සංගම් කිහිපයක් හෙට දිනයේ වැඩවර්ජන කරනවා රට අඩපණ කිරීම සඳහා.”
“අපි මේ රට අඩපණ කරන්න ඉඩ දෙන්නේ නැහැ. මෙම වර්ජන හරහා කරන්න යන්නේ IMF වැඩසටහන කඩාකප්පල් කරන්න.”
“දුම්රිය වර්ජනයක් තියෙනවා කියලා දැනගන්න ලැබුණා. අපි කියනවා..තව දින කිහිපයක්ම වර්ජනය කරන්න. ඒක අපිට හොඳයි. අතිරේක බස් රථත් අපි යොදවනවා. ලංකාව පුරාම අපේ බස් රථ 13,000ක් 15,000ක ප්‍රමාණයක් හෙට දිනයේ ධාවනය කරනවා.”
වෛද්‍ය, වරාය, විදුලි, ජල, දුම්රිය, තැපැල්, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද (15) දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් දියත් කිරීමට සූදානමින් සිටී.
මෙවන් පසුබිමක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (14) දෙවන දිනටත් පළාත් 05ක සියලු රජයේ රෝහල්වල වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළේය.
කෙසේවෙතත් වර්ජනයට එක්වන බොහෝ සේවා දැනටමත් අත්‍යවශ්‍ය සේවා ලෙස ජනාධිපතිවරයා ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එය උල්ලංඝනය කළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.
රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාත ඉහළ දැමීම, විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළකරමින් ‘වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව’ ඊයේ සිට වැඩවර්ජන ඇතුළු සිය වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබුණි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8 සිට වැඩවර්ජනයේ දෙවන අදියර ක්‍රියාත්මක කළ අතර වයඹ, උතුරු මැද, උතුර, ඌව සහ සබරගමුව යන පළාත් 05හි සියලුම රජයේ රෝහල් ආශ්‍රිතව මෙම වර්ජනය ඊයේ (14) ක්‍රියාත්මක කෙරුණි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, අද දිනයේ රජයේ සමස්ත රෝහල් පද්ධතියේම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.
සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ,
“හෙට උදේ 8ට මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරනවා. සෞඛ්‍ය සේවාව ඇතුළට එක හමුදා නිලධාරියෙක් හෝ පොලිස් නිලධාරියෙක් හරි බලහත්කාරයක් හරි කරන්න ආවොත් පැය 24 වර්ජනය අපි අඛණ්ඩ වර්ජනයක් දක්වා ව්‍යාප්ත කරනවා.” යනුවෙන්

