වායු දූෂණය යළි ඉහළට

වායු දූෂණය යළි ඉහළට

වායු තත්ත්ව දර්ශකයට අනුව මෙරට වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය අද (16) දිනයේ යළි ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, කොළඹ, ගම්පහ සහ බත්තරමුල්ල යන ප්‍රදේශවල වායු තත්ත්වය සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

කොළඹ දිස්ත්‍රික්කයේ වායු ගුණ තත්ත්ව දර්ශකය 158 ක් ලෙස දැක්වුණා.

එය සංවේදී පුද්ගලයින්ගේ සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් ලෙස සැලකෙන්නේ.