සරසවි ඇඳුරන් තවදුරටත් වර්ජනයේ

සරසවි ඇඳුරන් තවදුරටත් වර්ජනයේ

ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අද (18) 10 වන දිනටත් ක්‍රියාත්මක වෙයි.

එහි සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ, ඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙන තෙක් වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර, ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විදුලි බල හා ජල සම්පාදන වෘත්තීය සමිති ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ද තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව ඊයේ යළිත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා හමුවිය.