දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අනතුරු ඇඟවීම්

පසුගිය 24 පැය තුළ මිලිමීටර් 75කට අධික වර්ෂාපතනයක් ඇදහැලීම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක තුනකට නායයාමේ පළමු අදියරේ අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව තවදුරටත් වර්ෂාව ඇදහැලීම හේතුවෙන් පස් කඳු කඩා වැටීම්, නායයාම්, ගල් පෙරළීම වැනි ස්වභාවික ව්‍යසන ඇතිවිය හැකි බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
මෙම අවදානම් දිස්ත්‍රික්ක 03 ලෙසට නම් කර ඇත්තේ බදුල්ල, කෑගල්ල සහ කුරුණෑගලයි.
එම නිසා ජලාශ, නායයාම් ස්ථාන හෝ කඳු හෝ දැඩි බෑවුම් සහිත ගල් පිහිටි පසුබිමක ඔබ ජීවත් වන්නේ නම්, වඩාත් අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සම්පූර්ණ නිවේදනය පහතින්,

