පාසල් සිසුන්ගේ පෝෂණ වැඩසටහන ගැන ඇමරිකාවෙන් පැහැදිළි කිරීමක්

පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2021 වසරේ සිට මේ දක්වා කාලය තුළ දිස්ත්‍රික්ක හතක සිසු සිසුවියන් 95,000ක් වෙත අතිරේක ප්‍රෝටීන් පෝෂණ ලබා දී ඇති බව මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චංග් පවසනවා.
මෙම වැඩසටහන යටතේ සහල්, එළවළු තෙල්, කහ පරිප්පු, ඇල්ස්කන් රෝස සැමන් ලබා දීමට කටයුතු කළ බවට ගුරුආරගම ප්‍රාථමික විද්‍යාලයේ සංචාරයකට එක්වූ අවස්ථාවේ ජූලි චංග් ප්‍රකාශ කළ බවයි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ.
එමෙන්ම මෙරට සිසුන්ගේ සාක්ෂරතාව ඇතුළු අධ්‍යාපනයේ දියුණුව වෙනුවෙන් කොරෝනා වසංගත සමයේ ඩොලර් මිලියන 27.5ක වියදමින් ආරම්භ කෙරුණු ආහාර තොග සැපයීම මෙම වසරේ දී සම්පූර්ණ කිරීමට නියමිතයි.

