IMF එකඟතා ජනපති පාර්ලිමේන්තුවේ සභාගත කරයි

IMF එකඟතා ජනපති පාර්ලිමේන්තුවේ සභාගත කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් එකඟතාවන්ට අදාළ ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභාගත කළා.

ඉන් අනතුරුවයි ජනාධිපතිවරයා ඒ පිළිබඳ සිය විශේෂ ප්‍රකාශය ආරම්භ කළේ.

එහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ මේ වනවිට රටේ ආර්ථිකය නිවැරදි මඟකට ගෙන ඒමට හැකියාව ලැබී ඇති බවයි.

එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් වසර 4ක කාලයක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක ආධාරයක් හිමිවන අතර ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක පළමු වාරිකය මේ වනවිට හිමිවී ඇති බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

මේ අතර, ලෝක බැංකුව සහ වෙනත් ණය ආධාර ලබාදෙන පාර්ශවයන් වෙතින් තවත් ඩොලර් බිලියන 7ක පමණ ණය ආධාර බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියා.