කිරි පිටි මිල බසී

ආනයනික කිරි පිටි කිලෝ එකක මිල රුපියල් 200කිනුත් ග්රෑම් 400ක මිල රුපියල් 80කිනුත් අඩු කරන බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා.
මෙම මිල වෙනස ලබන සතියේ සිට ක්රියාත්මක වන බවයි ඔවුන් පවසන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කිසිදු නිල ප්රකාශයක් මේ වනතෙක් නිකුත් නොකිරීම පිළිබඳව විශාල කතාබහක් නිර්මාණය වී තිබේ.

