ජල සම්පාදන සේවකයින් අද වැඩ වර්ජනයක

ජල සම්පාදන සේවකයින් අද වැඩ වර්ජනයක

අද (23) එක් දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය පවසයි.
එහි කැඳවුම්කරු උපාලි රත්නායක සඳහන් කළේ, කාර්යාල සේවා, පාරිභෝගික සේවා කිසිවක් අද සිදු නොවන බවයි.

එමෙන්ම අයකැමි කැෂියර් වසා තබන අතර බිල්පත් නිකුත් කිරීම හා ගැනීම් කටයුතු ද සිදු නොකරන බව සඳහන් වේ.

බිඳ වැටීම් කිසිවක් අලුත්වැඩියා සිදු නොකිරීම හේතුවෙන් යම් යම් ස්ථානවල ජල සැපයුම අඩාලවීමේ අවදානමක් පවතින බව ද ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක පැවසීය.

මේ අතර රජයේ වත්මන් බදු ප්‍රතිපත්තියට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද 15 වැනි දිනටත් වැඩ වර්ජනයක නිරත වේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බණ්නැහැක පැවසුවේ, බදු ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සමග සාකච්ඡාව මේ වන තෙක් ලබා දී නොමැති බවයි.

COMMENTS