Breaking News:- තැපැල් ඡන්දය යළි කල් දමයි

Breaking News:-  තැපැල් ඡන්දය යළි කල් දමයි

පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම නැවත වරක් කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව අද තීරණය කර ඇත.

ඒ අනුව මෙම මස 28,29,30,31 සහ අප්‍රේල් මස 03 යන දින වල පැවැත්වීමට නියමිතව තිබූ තැපැල් ඡන්ද විමසීම සිදු නොකරන බව නිවේදනය කර සිටී.

පිළිගත් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමඟ අද පැවති සාකච්ඡාවෙන් පසු මෙම තීරණය ගෙන ඇත.