පාසල් වෑන් ගාස්තුවත් අඩුවෙයි

පාසල් වෑන් ගාස්තුවත් අඩුවෙයි

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව තම සේවා ගාස්තු ද සියයට 8ත් 10ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට කටයුතු කරන බව පාසල් ළමයින් ප්‍රවාහනය කරන්නන්ගේ සංගම් පවසනවා.

කෙසේ වෙතත්, තමාට ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දමන්නේ නම් සේවා ගාස්තු තවදුරටත් අඩු කළ හැකි බවයි කියා සිටියේ.

සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් සහ සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති හරිස්චන්ද්‍ර පද්මසිරි කියා සිටියේ වාහන අමතර කොටස් සම්බන්ධයෙන් පවතින මිල ගණන් සඳහා ද සහනයක් ලබාදීමට කටයුතු කළ යුතු බවයි.