මහාචාර්ය චන්දිම ජීවන්දර ලොව හොඳම තරුණ විද්‍යාඥයින් අතරට

මහාචාර්ය චන්දිම ජීවන්දර ලොව හොඳම තරුණ විද්‍යාඥයින් අතරට

ලොව හොඳම තරුණ ප්‍රතිශක්තිකරණවේද විද්‍යාඥයින් 06 දෙනා අතරට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර තේරී පත්ව තිබෙනවා.

ලබන අප්‍රේල් මස 20 වැනිදා ලන්ඩනයේ දී පැවැත්වෙන බ්‍රිතාන්‍යයේ ප්‍රතිශක්තීකරණ විද්‍යාඥයන්ගේ සංගමය විසින් සංවිධාන කරන ප්‍රතිශක්තිකරණවේද සම්මාන උළෙලේදී මීට අදාළ සම්මානය ප්‍රදානය සිදුකෙරෙනු ඇති.

ලොව හොඳම තරුණ ප්‍රතිශක්තිකරණවේද විද්‍යාඥයින් 06 දෙනා අතරට බ්‍රිතාන්‍යයෙන් බැහැරව විද්‍යාඥයෙකු තේරීපත්වූ පළමු අවස්ථාව මෙයයි.

මහාචාර්ය ජීවන්දරට අමතරව,

1.ලන්ඩන් විශ්ව විද්‍යාලයේ දොස්තර සෙබස්තියන් ෂෙපර්

2.මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ දොස්තර මාධ්වී මෙනන්

3.මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ දොස්තර පෙඩ්රෝ පැපොට්ටෝ

4.ලන්ඩන් විශ්ව විද්‍යාලයේ දොස්තර ජෝජ් රොබින්සන්

5.නිව්කැස්ටල් විශ්ව විද්‍යාලයේ දොස්තර සිමොනේ වෙබ්යන

වෛද්‍යවරුද මෙම සම්මානය සඳහා නිර්දේශ වී ඇත.