ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා ගුරුවරුන් 13,800ක්

ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා ගුරුවරුන් 13,800ක්

පළමු ශ්‍රේණියේ සියලු දරුවන්ට සන්ධාන භාෂාව වශයෙන් අත්‍යවශ්‍ය වන්නා වූ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ කටයුතු අදින් ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (30) පැවති ගංගොඩවිල සමුද්‍ර දේවි බාලිකා ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ දරුවන් සඳහා ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ඇරඹීමේ සමාරම්භක වැඩසටහනට එක් වෙමිනි.

ඒ සඳහා අවශ්‍ය ප්‍රාථමික ගුරුවරුන් 13,800ක් පමණ මේ වන විට‍ පුහුණු කර අවසන් බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

මෙරට ජාත්‍යන්තර පාසල්වල දෙස්විදෙස් දරුවන් මුල සිට ම ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබන බව ත් අනාගත දෙස් විදෙස් රැකියා ක්ෂේත්‍රය වැඩි වශයෙන් ම විවෘත වන්නේ ඔවුන් සඳහා බව ත් පැවසූ අමාත්‍යවරයා එම පරතරය නැති කිරීමට රජයේ පාසල්වල ඉංග්‍රීසි භාෂා මාධ්‍ය අධ්‍යාපනය ප්‍රායෝගිකව ව්‍යාප්ත කරන බව ත් පැවසීය.

ඒ අනුව, ලබන වසරේදී දෙක ශ්‍රේණියට ත් අනතුරුව තුන වසරේ සිට උගන්වන අනිවාර්ය ඉංග්‍රීසි විෂය සමගත් මෙම වැඩසටහන ඒකාබද්ධ කරන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

මෙහි දී වැඩිදුරට ත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“මෙම වැඩසටහන මගින් 1-5 දක්වා වූ මූලික අධ්‍යාපනය මවු බසින් ලබා දිය යුතු ය යන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා නීතිය උල්ලංඝණය කරමින් සිංහල භාෂාව නොසලකා හැරීමට කිසිදු අපේක්ෂාවක් නැහැ. දෙමාපිය අපේක්ෂා මල් ඵල ගන්වමින් ඉදිරියට යන ලෝකයට විවෘත වීමේ අවකාශ දරුවන්ට උදා කර දීමයි බලාපොරොත්තුව.” යනුවෙන්