ඉන්ධන මිලේ වාසිය විදුලි බිලටත් ?

ඉන්ධන මිලේ වාසිය විදුලි බිලටත් ?

ඉන්ධන මිල අඩුකිරීම හරහා විදුලි බිල පහත දැමීම සම්බන්ධයෙන් යෝජනාවලියක් කඩිනමින් ලබාදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට ලිපියකින් දැනුම්දී තිබෙනවා.

ඉන්ධන මිල පහත දැමීම, ලෝක වෙළඳපොලේ ගල් අඟුරු මිල පහත යෑම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම යන කරුණු සළකා මෙම ඉල්ලීම සිදුකළ බවයි හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් එම කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ.

ඉන්ධන මිල පහත දැමීම තුලින් විදුලි ගාස්තුව සියයට විස්සකින් පමණ අඩු කළ හැකි බවද එහිදී ඔහු සඳහන් කළා.