මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය බැසිල් ට ?

මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය බැසිල් ට ?

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන බැසිල් රාජපක්ෂ විසින් කපුටු කූඩුව සකසමින් පිරිස එක් කරගැනීමත්, එමගින් ඉදිරියේ දී ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට හීන දකිමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික වසන්ත සමරසිංහ පවසනවා.

ඔහු සඳහන් කළේ, ජනපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා වන පූර්ව සාකච්ඡා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙතට ද බැසිල් රාජපක්ෂ විසින් පිරිස එක් කර රැස්වන ලෙසට දැනුම්දී ඇති බවයි.

බැසිල්ගේ මෙම බලාපොරොත්තුවත් සමගින් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ හට තවදුරටත් ජනාධිපති ධුරය රැක ගැනීමට නම්, අනිවාර්යයෙන්ම පිරිසක් අවශ්‍ය බැවින් මේ වනවිට පිරිස රැස්කර ගැනීම වෙනුවෙන් සමගි ජන බලවේග කණ්ඩායම සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට සූදානමක් ඇති බවටයි වසන්ත සමරසිංහ චෝදනා කරන්නේ.

කැබිනට් මණ්ඩලයට රිංගා ගැනීමට සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ බලාපොරොත්තුවෙන් සිටින බව ද වසන්ත සමරසිංහ මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.