ආනයනික කිරිපිටි මිල අඩු කෙරේ

ආනයනික කිරිපිටි මිල අද(01) සිට අඩුකරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව, අද සිට ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80 කින් පහළ යනු ඇති.
එමෙන්ම ඔවුන් සඳහන් කරන්නේ නව මිල ගණන් යටතේ සඳුදා සිට නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරන බවයි.

