සිංහයන්ට සුපිරි ජයක්

සිංහයන්ට සුපිරි ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (02) ඕක්ලන්ඩ් හි දී ආරම්භ වූ පළමු T20 තරඟයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ලකුණු සම වීමක් හේතුවෙන් දෙපිළටම සුපිරි පන්දුවාරයක් තීරණය වූ අතර, එම පන්දු වාරයට පිළිතුරු වශයෙන් ලකුණු රැස්කිරීම පළමුව පැවරුණේ සත්කාරක කිවියන් වෙතයි.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමෙන් පිටියට පිවිසියේ Tom Latham සමගින් Daryl Mitchell යි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපර් ඕවරයේ පන්දු යැවීමේ වගකීම හිමිවූයේ දඟ පන්දු ක්‍රීඩක මහීෂ් තීක්ෂණ හටයි.

ඒ අනුව සිය දෙවැනි පන්දුවේ දී ම ටොම් ලැතම්ව යළිත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට මහීෂ්ට හැකිවූයේ කිවි ලකුණු සටහන ලකුණු 02ක් ව තිබියදියි.

ඉන් පසුව පිටියට පිවිසි චැප්මන් සමග එක් වූ මිචෙල් සුපිරි පන්දුවාරයේ දී සිය ලකුණු පුවරුව සඳහා ලකුණු 08ක් එක් කළ විට මහීෂ් යොමු කළ අවසන් පන්දුවේ දී පන්දුව කඩුල්ලේ වැදීමෙන් චැප්මන් ද දැවී ගියා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය පන්දු 06කට ලකුණු 09ක ඉලක්කයකුයි.

පන්දු 06කට ලකුණු 09ක් රැස් කිරීමේ භාරදූර වගකීම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමිවූයේ කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක වෙතයි.

පන්දු යැවීමේ වගකීම කිවි පන්දු බලඇණියෙන් හිමිවූයේ Adam Milne වෙතයි.

ඒ අනුව සුපිරි පන්දු වාරයේ දෙවැනි පන්දුවේ දී අකලංකගෙන් කිවියන්ට එල්ල වුයේ දැවැන්ත හයේ පහරක්.

ඒ සමග ශ්‍රී ලංකා කණ්ඩායම පළමු 20-20 ජය තියුණු සටනකින් අනතුරුව තමන් සතු කරගත්තා.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායමේ නායක ලැතම්ගේ ඇරයුම අනුව පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව හිමිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් කිවියන්ට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය වූයේ ලකුණු 196ක්.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 196ක් ලබා ගත්තා.

ඒ අනුව පිටියට පිවිසි ආරම්භක පිතිකරු යුවල වූ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් හට සාර්ථක ලකුණු පුවරුවක් නිර්මාණයට කිවි පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

කෙසේවෙතත් පිතිකරණය අතින් කලකට පසු ලකුණු අතරට ආ චරිත් අසලංකත් සැත්කමක් හේතුවෙන් ක්‍රීඩාවෙන් විවේක ගන්වා සිටි කුසල් පෙරේරාත් සිය වගකීම් යළිත් කරට ගෙන ක්‍රීඩා කරමින් විශිෂ්ට අර්ධ ශතක රැස්කර ගැනීමට සමත් වුණා. අසලංක පන්දු 32කට 50ක් ලබද්දී පන්දු 40ක් වැය කරමින් කුසල් ද සිය අර්ධ ශතකය රැස් කරගත්තා.

කෙසේවෙතත් ජයග්‍රහණයට කිවියන්ට එල්ල වූයේ ලකුණු 196ක ඉල්ලකයක් වූ අතර පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු මට්ටම සම කිරීමට නවසීලන්ත පිතිකරුවන් සමත් වුණා.

ඉන් අනතුරුවයි දෙපිළටම ජයග්‍රහණය වෙනුවෙන් සුපිරි පන්දුවාරයකට ක්‍රීඩා කිරීමට සිදු වූයේ.

එලෙස සුපිරි පන්දු වාරයේ දී කිවියන් ලැබූ ලකුණු 08ට ප්‍රතිවාදී පිළිතුර ලෙස ලකුණු 11ක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තිළිණ වූයේ පළමු තරගයේ ජය ද ශ්‍රී ලංකාවට උරුම කරමින්.

තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ චරිත් අසලංකයි. දෙරට අතර පැවැත්වෙන දෙවැනි 20-20 තරගය එළඹෙන 05 වැනිදා Dunedin හිදී පැවැත්වීමට නියමිතයි.