නව ප්‍රතිත්‍රස්ත පනත මේ මාසයේ පාර්ලිමේන්තුවට

නව ප්‍රතිත්‍රස්ත පනත මෙම මාසය (අප්‍රේල්) ඇතුළත පාර්ලිමේන්තු වට ඉදිරිපත් කරන බවට ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.
අදාළ පනත අප්‍රේල් මාසය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ම පසුගිය දිනවල ප්‍රකාශ කළ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ද මෙම ප්‍රතිත්‍රස්ත පනත අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පසුගිය දා පැවසීය.
මෙම පනත පිළිබඳව විපක්ෂය ඇතුළු බොහෝ සංවිධාන මේ වන විට තම විරෝධය පළකර ඇති අතර මෙම පනත මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල බලපෑම් එල්ල වන බවට ඔවුන් චෝදනා කර තිබේ.
එහෙත් මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු එහි ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි දේ ඇත්නම් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට සති 2ක කාලයක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කරන බව විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පවසා ඇත.
මෙම පනත රැගෙන එන්නේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් බව ද අමෙරිකාවේ, බ්‍රිතාන්‍යයේ හා ඉන්දියාවේ ද මෙවැනි පනත් පවතින බව ද අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

