සජබේ කණ්ඩායමක් රජය සමඟ එකතුවෙනවා – අනුර කුමාර දිසානායක

සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් කණ්ඩායමක් ඉදිරියේදී ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා ආණ්ඩුවට එක්වනු ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
කොළොන්නාව ප්රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක,
“රනිල් වික්රමසිංහ, රාජපක්ෂ පහුගිය දශක ගණනක් තිස්සේ පෙන්නුවේ ප්රතිවිරුද්ධ කඳවුරු හැටියට, හැබැයි අද මොකද වෙලා තිබෙන්නේ, මේ අර්බුදය විසින්ම තමන්ගේ බලය පවත්වා ගෙන යාම වෙනුවෙන් රනිල්ට මහින්දට එකතු වෙන්න වෙලා තියෙනවා. මහින්ද රනිල් විතරක් නෙවෙයි, තව නොබෝ දිනකින් සජබේ කණ්ඩායම් පවා එකතුවෙනවා. සතුරා බොරුවට බෙදිලා හිටියා, හැබැයි අද සතුරාගේ බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එක කඳවුරකට ඇවිල්ලා තිබෙනවා. එහෙනම් මොකක්ද කරන්න ඕනේ, අන්න ඒ දූෂිත විනාශකාරී කඳවුරට එරෙහිව ජාතික ජන බලවේගය අපි ගොඩනගන්න ඕන කම තිබෙනවා.” යනුවෙන්

