පාරිභෝගික අධිකාරියෙන් ගැසට් නිවේදන දෙකක්

පාරිභෝගික අධිකාරියෙන් ගැසට් නිවේදන දෙකක්

ඍජු වෙළදාම් කරන වෙළෙන්දෙකු සහ ජාල අලෙවිකරණයේ නිරත වන සමාගමක් හෝ ආයතන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අංක 2327/33 දරන අදාළ ගැස්ට් පත්‍රය මගින් 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතට අනුව එම අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතාට පැවරී ඇති බලතල අනුව මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව, සූර්ය බල ආලෝක පද්ධති, දුරකතන සහ උපාංග, ගෘහ භාණ්ඩ, නිමි ඇඳුම්, පිරිසිදු කාරක, මුළුතැන්ගෙයි උපකරණ, සපත්තු, ලිපිද්‍රව්‍ය, ඇඳඇතිරිලි සහ මෙට්ට යන භාණ්ඩ ඍජු විකුණුම්කරුවන් පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි විය යුතු බව ගැසට් පත්‍රයේ සඳහන් වේ.

මේ අතර. වෙළෙන්දෙකු ලිහිසි තෙල් හෝ ග්‍රීස් සෑදීම හෝ ආනයනය කිරීමේදී 2006 ජූලි මස 12 වන දා දින අංක 1453/ 6 අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කළ නියමයන් අනුකූලව සිදු කළ යුතු බවට සඳහන් කරමින් තවත් ගැසට් පත්‍රයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.