ත්‍රස්ත විරෝධී පනත ගැන අධිකරණ ඇමතිගේ පැහැදිලි කිරීම

ප්‍රධාන කරුණු දෙකක් පදනම් කර ගනිමින් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්පාදනය කළ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.
විජයදාස රාජපක්ෂ මේ බව සඳහන් කළේ, ඊයේ (18) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.
“රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය තියෙන්නේ ආරක්ෂක ඇමතිට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට අනුව ආරක්ෂක අමාත්‍යවරයා විය හැක්කේ ජනාධිපතිට විතර යි. එතකොට මේ තනතුරු දෙක ම දේශපාලන තනතුරු ඒ නිසා මෙම දේශපාලනඥයින් නිසා රැඳවුම් නියෝග නිකුත් කිරීම නිසා නීතිය අවභාවිත වෙනවා කියන චෝදනාව බරපතළ චෝදනාවක් විදියට තියෙනවා.
දෙවන කාරණය පාපොච්චාරණයන් මත චූදිතයින් වරදකරුවන් බවට පත් කිරීම. රටේ සාමාන්‍ය නීතිය යටතේ අපි පොලිසියට ගිහිල්ලා කිව්වොත් එහෙම මම අපරාධයක් සිද්ධ කළා කියලා පොලිස් නිලධාරියා එය පොලිසියට වාර්තා කළොත් කට උත්තරයක් විදියට සටහන් කළොත් ඒ වරද කළ බවට අධිකරණය එය පිළිගන්නවා හැබැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පමණ යි.”
එහිදී මාධ්‍යවේදියෙකු මෙම පනත් කෙටුම්පත මගින් මාධ්‍ය මර්දනයක් සිදු වන බවට චෝදනා එල්ල වන බව ත් එය එසේ සිදු වන වාද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙක් මෙහිදී ප්‍රශ්න කර සිටියේ ය.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ය.
“මෙතන අපි මාධ්‍ය සම්බන්ධව සඳහන් කරලා තියෙන්නේ ත්‍රස්තවාදී කටයුත්තක් වෙනුවෙන් මාධ්‍ය පෙනී හිටිනවා නම් ප්‍රචාරයක් දෙනවා නම් ඒක මේ පනතට ඇතුළු වෙනවා. හැබැයි පනතේ ම අතිරේඛ අවස්ථා දීලා තියෙනවා. ඇත්තට ම ත්‍රස්තවාදී ක්‍රියාවක් තම යි ත්‍රස්තවාදයට පොළඹවන දෙයක් තම යි මාධ්‍යවේදීන් ප්‍රචාරය කරලා තියෙන්නේ. හැබැයි ඔහු එය ප්‍රචාරණය කරන වෙලාවේ එය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව නොදැන තමයි කරලා තියෙන්නේ. එහෙම අවස්ථාවකවත් මාධ්‍යවේදියෙක් එම පනතට යටත් කරන්න බැහැ .” යනුවෙන්

