වැඩි ම බලශක්ති ඉල්ලුම ඊයේ

වැඩි ම බලශක්ති ඉල්ලුම ඊයේ

මෑත කාලයේ වැඩි ම බලශක්ති ඉල්ලුම ඊයේ (19) දිනයේදී වාර්තා වී ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

කංචන විජේසේකර කියා සිටියේ, බලශක්ති උත්පාදනය සඳහා ඊයේ දින පැයකට ගිගා වොට් 49.53 අවශ්‍ය වී ඇති බව ය.

අද උදෑසන වාර්තා වූ සැබෑ ඉල්ලුම අනුව, අද දින සඳහා පැයකට ගිගා වොට් 50 ඉක්මවන ඇස්තමේන්තුගත බලශක්ති ඉල්ලුමක් පුරෝකථනය කරන බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ලංකා විදුලි බල මණ්ඩලයේ සතු තාප විදුලි බලාගාර ඇතුළු මෑතකදී පිහිටවූ හම්බන්තොට ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ජනන යන්ත්‍ර විදුලි උත්පාදනය සඳහා යොදා ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කර ඇත.