ත්‍රීරෝද රථ නියාමනයට කෙටුම්පතක්

ත්‍රීරෝද රථ නියාමනයට කෙටුම්පතක්

ත්‍රීරෝද රථ නියාමනයට අදාළ කෙටුම්පතක් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර කියා සිටියේ දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රිරෝද රථ නියාමනයට අදාළ පියවරයන් නොගැනීම හේතුවෙන් ත්‍රීරෝද රථ රියදුරන් සහ පාරිභෝගිකයන් අපහසුතා රැසකට පත්ව ඇති බවයි.