අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම ජූලි 1 වනදා සිට

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම ජූලි 1 වනදා සිට

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා වැඩසටහනේ ලබන ජූලි මස 1 වනදා සිට ක්‍රියාත්මක කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, සංක්‍රාන්තික පවුල් වලට දෙසැම්බර් 31 දක්වා මසකට රුපියල් 2,500 ක දීමනාවක් ලබාදීමටයි සැළසුම් කර ඇත්තේ.

එමෙන්ම අවදානමට ලක්වූ පවුල් සඳහා ලබන වසරේ මාර්තු 31 දක්වා මසකට රුපියල් 5,000 බැගින් ලබාදීමට නියමිතයි.

මීට අමතරව දුප්පත් පවුල් ලක්ෂ අටක් සඳහා ජූලි 1 වනදා සිට වසර 3 ක් රුපියල් 8,500 ක මුදලක් මසකට ලබාදීමටයි සැළසුම් කර ඇත්තේ.

එමෙන්ම අන්ත දිළිඳු පවුල් ලක්ෂ 4 ක් සඳහා ජූලි 1 වනදා සිට වසර 3 ක් යනතෙක් රුපියල් 15,000 ක දීමනාවක් මෙමඟින් ලබාදෙනවා.