ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය විමල් හෙළිකරයි

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන විට රනිල් වික්‍රමසිංහවද අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවට අමෙරිකාව සහ ඉන්දියාව තරයේ යෝජනා කර තිබූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.
ඔහු රචනා කළ, “නවය, සැඟවුණු කථාව” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී මේ බව පැවසීය.
ගාලුමුවදොර අරගලයේ ඇතුළාන්තය පිළිබඳව පුළුල් අධ්‍යනයකින් පසු, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා රචනා කළ “නවය, සැඟවුණු කථාව” නම් කෘතිය එළිදැක්වීම ඊයේ (25) සිදුකෙරුණි.
උත්සවය අමතමින් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ,
“මම මේ පොතේ කියනවා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔහු ඉල්ලා අස්වෙන්න තීරණය කරපු අවස්ථාවේදී.. පළා යමින් සිටි අවස්ථාවේදී ඉන්දියාවත් ඔහුගෙන් ඉල්ලා සිටිනවා. ඔයා ඉල්ලා අස්වෙන්න කළින් අගමැති තනතුරේ ඉල්ල රනිල්වත් අයින් කරලා ඔයා ඉල්ලා අස්වෙන්න කියලා. ගාමිණි සෙනරත් ලියුම් දෙකම හදළා මාලදිවයිනට යැව්වා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අත්සන් කළේ එක ලියුමටයි. ඒ එයා ඉල්ලා අස්වෙන ලියුමට පමණයි. දැන් රනිල් වික්‍රමසිංහ අයින් කරළාත් නැහැ ඉල්ලා අස්වෙලත් නැහැ. ඔය වෙලාවේ එනවා කථානායක නිල නිවසට අමෙරිකානු තානාපතිනිය. මේක සමහර විට කථානාකතුමා ප්‍රකාශයක් කරයි එහෙම දෙයක් වුණේ නැහැ කියලා. එතුමියත් එක්ක කතා කරනකොට එතුමිය කියනවා දැන් ගෝඨාභය අයින් වෙනවා ඔයා මේක භාර ගන්න. එතකොට කථානායකතුමා කියනවා එහෙම කොහොමද කරන්නේ තානාපතිතුමියනි ව්‍යවස්ථාව අනුව ජනාධිපති ඉවත් වුණොත් ඊළඟට වැඩ බලන ජනාධිපති වෙන්නේ අගමැතිවරයා. ඉතින් මම කථානායක එයා ඉන්දෙද්දී මට බැහැ කියලා. ව්‍යවස්ථාව වැඩක් නැහැ අපි බලාගන්නම් ඔයා මේක ගන්න. ඊට කලින් දවසේ කථානයකතුමාට ඔය යෝජනාවම අරගෙන එනවා අපේ රටේ තියෙන යම්කිසි ආගමික සංස්ථාවක නායකතුමෙකුත්, ආගමික නායකයෙක් සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා කථානායකතුමාත් එක්ක පැය දෙකක් පමණ සාකච්ඡා කරලා කථානායකතුමා ඔය යෝජනාවට එකඟ කරගැනීම සඳහා උත්සාහයක් යනවා. ඒකෙදිත් කථානායකතුමා දැරුවේ අර ස්ථාවරය. ඒකේදී කථානායකතුමා ඒ වැඩේට එකඟකරගන්න ඒ අයට බැරිවුණා.” යනුවෙන්

