මාස 4ක් තුළ මෙරට ආශ්‍රිතව භූ චලන 9 ක්

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරට ආශ්‍රිතව භූ චලන 9 ක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.
එම කාර්යාංශය සඳහන් කළේ, මාස 4 ක් වැනි කාලයක් තුළ මෙවැනි භූ චලන 9 මෙරටින් වාර්තා වූයේ පළමු වරට බවයි.
ඉන් භූ චලන බහුතරයක් රට අභ්‍යන්තරයේ සිදුව ඇති අතර සෙසු භූ චලන මෙරට මුහුදු තීරයේ සිදු විය.
මෙම භූ චලනවල ප්‍රබලත්වය දැක්වුණේ, මැග්නිටියුට් ඒකක 2 – 4 ත් අගයකයි.
බුත්තල සූරියවැව ආශ්‍රිතව එම භූ චලනවලින් බහුතරය සිදුව තිබේ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ, අදාළ භූ චලන සියල්ලේ දත්ත විශේෂ විශ්ලේෂණයකට ලක් කරමින් සිටින බවයි.
එම දත්ත ජාත්‍යන්තර දත්ත සමග සංසදනය කිරීමට ද නියමිතව ඇත.

