මෙවර දැවැන්තම මැයි දින රැලිය පොහොට්ටුවෙන් – සාගර කාරියවසම්

මෙවර දැවැන්තම මැයි දින රැලිය පොහොට්ටුවෙන් – සාගර කාරියවසම්

මෙවර දැවැන්තම මැයි දින රැලිය පවත්වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බව එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාග‍ර කාරියවසම් විසින් පවසනවා.

අති විශාල ජනතා සහභාගීත්වයකින් යුතුව දැවැන්ත වේදිකාවක මෙවර මැයි දින රැලිය පවත්වන බවයි ඔහු පවසන්නේ.

තවද, ඔහු පවසා සිටින්නේ, ඒ සඳහා කොළඹ නගරයේ තිබෙන විශාලම ස්ථානය දැනටමත් සූදානම් බවයි.

එමෙන්ම කවුරුන් කෙසේ අවලාද ගැරහුම් සිදු කළද ඔවුන්ගේ ගමන යන බවත් , ප්‍රජාතන්ත්‍රවාදය සුරකින පොදු ජන පෙරමුණ සමඟ කැමැත්තෝ එක්වන ලෙ‍සයි ඔහු පවසා සිටින්නේ.

මාධ්‍යට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ බල්ලන් බිරුවට තවලම ගමන නොනවත්වනවා සේ තම පක්ෂය ද රට වෙනුවෙන් , රටේ අනාගතය වෙනුවෙන් ඇපකැප වී කටයුතු කරන බවයි.