සිපෙට්කෝ සහ අයි.ඕ.සී ඉන්ධන මිල පහළට

සිපෙට්කෝ ඉන්ධන මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට පහත දමා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් පහත දමා ඇත.
ඒ අනුව එහි නව මිල රුපියල් 333කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 365කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 310කි.
මේ අතර ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 135කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 330කි.
ලංකා භූමිතෙල් මිල සහ ලංකා කාර්මික භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 295ක මිලට සහ කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 330ක්ව පවතී.

මේ අතර ලංකා IOC සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව අද (01) සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින් ද සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 135කින් ද අඩුකර ඇත.
නව මිල සංශෝධනය අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු 333ක් වන අතර, සුපර් ඩීසල් ලීටරයක මිල රු 330ක් වේ.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 365කි.
ඩීසල් ලීටරයක් රුපියල් 15කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 310කි.
භූමිතෙල් සහ කාර්මික භූමිතෙල් මිලෙහි වෙනසක් සිදුකර නොමැත.

