දන්සැල්වලට PHI අනුමැතිය අනිවාර්යයි

වෙසක් උත්සවය නිමිතිකොට දන්සැල් සංවිධානය කරන්නේ නම් ඊට පෙර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුම්වත් කිරීම අනිවාර්ය බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජේ. සිංහබාහු මහතා පවසයි.
මේ සඳහා නියමිත පෝර්මයක් පුරවා අවසර ලබාගත යුතු බවත් දන්සැල දෙන ස්ථානය, භාවිත කරන අමුද්‍රව්‍ය, ජලය ආදිය පිරිසුදු තත්ත්වයේ පැවතිය යුතු බවත් ඒ මහතා කීය.ආහාර පිළියෙල කරන අය නියපොතු හොඳින් කපා හිස් ආවරණ පැලඳ සිටිය යුතු බවත් ජනතාවට පානය කිරීම සඳහාත් අත් සේදීම සඳහාත් පිරිසුදු ජලය ලබා දිය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් කීය.
ආහාර අනුමත ප්ලාස්ටික් භාජනවල පමණක් දැමීම, බීම දන්සැල් සඳහා මලුවලට දමන අයිස් භාවිත නොකිරීම තවත් සෞඛ්‍ය නිර්දේශ වේ. දන්සැල අවසන් වූ පසු අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය කළ යුතු බවත් ආර්. ජේ. සිංහබාහු මහතා වැඩිදුරටත් කීය.

