තෙල් මිලේ සුළු වැඩි වීමක්

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ යළි ඇමරිකානු ඩොලර් දෙකකට වැඩි අගයකින් ඉහළ ගියා.
පෙරේදා දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 72 යි ශත 37 ක් ලෙස සටහන් වූ අතර, ඊයේ එය ඩොලර් 75 ඉක්මවා තිබුණා.
කෙසේ වෙතත් සතිය ආරම්භයේ ලෝක බොරතෙල් මිල පැවතියේ ඇමරිකානු ඩොලර් 79ක් ලෙසයි.

