රජයේ සේවකයින්ට සුබ පණිවිඩයක්

රාජ්ය සේවකයින් සඳහා අවසන් කාර්තුව තුළ වැටුප් වැඩිවීමක් සිදුකිරීමට රජය සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා.
එම මහතා ප්රකාශ කර සිටියේ රජය බලාපොරොත්තු වන ඉලක්ක වෙත ළඟා වුවහොත් එහි වාසිය මහජනතාවට හිමි වන බවයි.
රටේ ආර්ථිකය ස්ථාවර කර ගත් පසු අවසන් කාර්තුව වන විට රජයේ සේවකයන්ට වැටුප් වර්ධකයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිතුමන් ද ප්රකාශ කල බවයි පාලිත රංගෙ බණ්ඩාර ප්රකාශ කළේ.

