විදුලි ගාස්තුව 20%කින් පහළ දැමිය යුතුයි – ජනක රත්නායක

විදුලි ගාස්තුව 20%කින් පහළ දැමිය යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.
එම කොමිසමේ සභාපති ජනක රත්නායක නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනක රත්නායක පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලය 2023 වසර සඳහා ඉදිරිපත් කළ විදුලි ඉල්ලුම පිළිබඳ දත්ත සත්‍ය ඉල්ලුමට වඩා අධි තක්සේරුගත ඇස්තමේන්තුවක් බවට ඔවුන් මේ වනවිට පිළිගෙන ඇති බවයි.
ඒ අනුව එම තක්සේරුව මුල්කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලය පෙබරවාරි මාසයේදී ක්‍රියාවට නැංවූ 66%ක විදුලි ගාස්තුව වැරදි තීරණයක් බවට එමගින් තහවුරු වී ඇති බව ද ජනක රත්නායක වැඩිදුරටත් පවසයි.

