සීනි මිල ඉහළ යාම ගැන මුදල් රාජ්‍ය ඇමති වාර්තාවක් කැඳවයි

සීනි මිල ඉහළ යාම ගැන මුදල් රාජ්‍ය ඇමති වාර්තාවක් කැඳවයි

වෙළෙඳපොළේ සීනි මිල ඉහළ යාම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස තමන් වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත නියෝග කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ඩොලරයේ අගය ද පහළ ගොස් ඇති තත්ත්වයක් තුළ සීනි මිල ඉහළ යාමට කිසිදු හැකියාවක් නොමැති බව ය.

එසේ ම, පසුගිය දා තිරිඟු පිටි මත අය කළ බද්ද හේතුවෙන් ද පිටි මිලෙහි ඉහළ යාමක් සිදු විය නොහැකි බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

COMMENTS