ඩෙංගු මට්ටු කරන්න කණ්ඩායම් 60ක්

ඩෙංගු මට්ටු කරන්න කණ්ඩායම් 60ක්

බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන් ශීඝ්‍රයෙන් වැඩිවීම හේතුවෙන් කොළඹ නගර ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණී සඳහන් කළේ කොළඹ නගරයේ වැල්ලවත්ත, පාමංකඩ, නාරාහේන්පිට, කුරුඳුවත්ත, කොටුව හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති නිසා එම තත්ත්වය පාලනට කණ්ඩායම් 60 ක් යොදවා ඇති බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ දින දෙකකට වඩා උණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු වන ලෙසයි.

මේ වසරේ ගත වූ කාලසීමාව තුල ඩෙංගු රෝගීන් 32,600ක් වාර්තා වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ අගයක් බවයි එහි විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි ප්‍රකාශ කළේ.

ඉන් 50% ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවයි වාර්තා වන්නේ.

COMMENTS