කොළඹට දැඩි ආරක්ෂාවක්

කොළඹට දැඩි ආරක්ෂාවක්

අද පෙරවරුවේ සිට කොළඹ විශ්ව විද්‍යාලය අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර, පොලිස් කැරලි මර්දන ඒකකය ද එහි කැඳවා තිබෙනවා.

රජයට දැඩි බලපෑමක් කිරීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවට ලද බුද්ධි තොරතුරක් හේතුවෙන් කොළඹ නගරයේ වැදගත් ස්ථාන රැසක ආරක්ෂාව තර කර තිබෙන බවයි වාර්තා වී ඇත්තේ.

ඒ අනුව කොළඹ නිදහස් චතුරශ්‍රය සහ අවට ප්‍රදේශය, කොල්ලුපිටිය මංසන්ධිය අවට ප්‍රදේශය, අරලියගහ මන්දිරය අවට ප්‍රදේශය සඳහා මෙසේ විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙන වාර්තා වන්නේ.

ඒ සඳහා පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාව සහ කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිට කොළඹ කොටුව ලංකා බැංකු මාවත අවට ආරක්ෂාව ද තර කර තිබුණා.

රජයට දැඩි බලපෑමක් කිරීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවට රජයේ ඉහළම තැන් වෙත බුද්ධි තොරතුරක් ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.

ආරක්ෂාව භාර රජයේ ඉහළම ප්‍රධානියෙකු හිරු ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කළේ, එය කොළඹ විශ්ව විද්‍යාලය මුල් කරගෙන ක්‍රියාත්මක වන බවට එම බුද්ධි තොරතුරේ සඳහන්ව ඇති බවයි.

එම හේතුව නිසා කොළඹ නගරයේ වැදගත් ස්ථාන රැසක පොලිසියට අමතරව, ත්‍රිවිධ හමුදාව ද යොදවා එම ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බව ආරක්ෂාව භාර ප්‍රධානියා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මෙලෙස ගත් ආරක්ෂක පියවර හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලය මුල් කරගනිමින් ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ රජයට බලපෑම් කිරීමේ උත්සාහය මේ වන විට අසාර්ථක වී ඇති බවයි.