දිස්ත්‍රික්ක 5 කට නායයාමේ අනතුරු ඇඟවීම්

අයහපත් කාලගුණයත් සමඟ ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවලට අදාලව නායයෑමේ අවදානම් නිකුත් කර තිබෙනවා.
ඒ ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය විසින්.
එමෙන්ම අධික වැසි තත්ත්වය නිසා නිල්වලා ගඟේ ජල මට්ටම ඉහල ගොස් ගංවතුර මට්ටමට ආසන්නව ඇති බවත් වාර්මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම නිසා මාතර, පිටබැද්දර, අකුරැස්ස, මාලිම්බඩ, තිහගොඩ සහ අතුරලිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගඟ දෙපස ජනතාව අවධානයෙන් සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
එමෙන්ම ගිංගඟේ ජල මට්ටමද පිටාර මට්ටමට පැමිණ තිබෙන බවත්, එම නිසා බද්දේගම, නියගම, නෙලුව, තවලම සහ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගඟ දෙපස ජනතාවද විමසිලිමත්ව සිටින ලෙස ඔවුන් ඉල්ලා සිටී.

