අඩු කළ කිරි පිටි මිලේ වාසිය පළමුව බස්නාහිරට

අඩු කළ කිරි පිටි මිලේ වාසිය පළමුව බස්නාහිරට

මිල අඩු වූ කිරිපිටි පළමුව බෙදා හරින්නේ බස්නාහිර පළාතට බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඉන් අනතුරුව සෙසු පළාත්වලට බෙදා හැරීම ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

රුපියල් 200කින් අඩු කළ මිල ගණන් ඇතුළත් ලේබල් කිරිපිටි පැකට්ටුවෙහි අද (14) සටහන් කරන බව එම සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය ප්‍රකාශ කළා.

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ හෙට (15) සිට ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් අඩු කරන බවයි.