සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 59 ක් ඩෙංගු අධි අවධානම් කලාප කෙරේ

වර්ෂාවත් සමඟ දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙනවා.
එවන් වපසුබිමක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 59 ක් ඩෙංගු අධි අවධානම් කලාප ලෙස නම් කිරීමටයි බලධාරින් පියවර ගෙන ඇත්තේ.
මෙතෙක් අධි අවධානම් කලාප ලෙස නම් කර තිබුණේ, වෛද්‍ය නිලධාරි කොට්ඨාස 19 ක පමණක් වන අතර ඩෙංගු උණ සීග්‍රයෙන් පැතිර යාම හේතුවෙන් අධි අවධානම් කලාප සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ.
එමෙන්ම, මේ වනවිට මෙරටින් ඩෙංගු රෝගීන් 33,400 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කළේ.
එවන් පසුබිමක බස්නාහිර පළාතේ පිහිටි උස් ගොඩනැගිලි ඩ්‍රෝන යානා මගින් පරීක්ෂා කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නිරීක්ෂණය වන්නේ නම් රසායනික දියර ඉසීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි කියා සිටියේ.
මේ අතර ඩෙංගු මර්ධනය සඳහා මධ්‍යගත දත්ත පද්ධතියක් මේ වන තෙක් නිවැරදිව ක්‍රියාත්මක නොවන බවට සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් චෝදනා කරනවා.

