ජනාධිපතිවරණය ගැන සජිත්ගෙන් තීරණයක්

නියමිත කාලයට ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වීමේ යෝජනාවට විපක්ෂයේ පූර්ණ සහාය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විපක්ෂනායකවරයා සඳහන් කළේ ජනාධිපතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ අණපනත් සහ රෙගුලාසි ගෙන ඒම සඳහා අවශ්‍ය සියලු සහයෝගය විපක්ෂයක් ලෙස ලබාදීමට සූදානම් බවය.
අද විපක්ෂයේ පක්ෂ එකමුතුවේ විධායක කමිටු හමුවට එක් වෙමින් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ රජයේ කාලසටහන්වලට සුදුසුවන පරිදි මැතිවරණ සිතියම් නිර්මාණය කිරීම ප්රජාතන්ත්රවාදී ක්‍රියාවක් නොවන බවය.
ඔහු පෙන්වා දෙන්නේ මැතිවරණ සිතියම ජනාධිපතිවරයාගේ හෝ ඔහුට සහය ලබාදෙන පාර්ශවවල අභිමතය පරිදි සකස් කිරීම වැරදි ක්‍රියාවක් බවය.

