රැකියා විරහිත තරුණයින්ට සහන පොලි අනුපාතයට ණයක්

රැකියා විරහිත තරුණයින්ට සහන පොලි අනුපාතයට ණයක්

රාජ්‍ය බැංකුවලින් ණය මුදල් ලබාගැනීමට නොහැකි රැකියා විරහිත තරුණ ප්‍රජාවට සහන පොලි අනුපාතයක් යටතේ කෘෂිකාර්මික කටයුතු සඳහා ණය මුදල් ලබා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

වගා කටයුතු සඳහා කැමැත්තෙන් පසුවන තරුණ තරුණියන් කෘෂිකාර්මික කටයුතු සඳහා උනන්දු කරවීමේ වැඩ පිළිවෙළක් ලෙස මෙම පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

එම ණය මුදල් රාජ්‍ය බැංකු මගින් ලබාදීම සඳහා මැදිහත් වන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරින්ට උපදෙස් දී ලබාදී ඇති බව සඳහන්.

එහි මුල් අදියර තුළ සියයට 6.5ක අවම පොලී අනුපාතයක් යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 50 දෙනෙකුට රුපියල් මිලියනයක් හා මිලියන දෙකක් බැගින් ණය මුදල් ප්‍රදානය කර තිබෙනවා.

කෘෂිකර්මාන්තයට කැමැත්තක් දක්වන රැකියා විරහිත තරුණ තරුණියන්ට තමන් කැමැති සුදුසු වගාවක් හෝ සත්ත්ව පාලනය සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුදල් ලබා දීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.