නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් දිවුරුම් දෙති

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා.
ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් පත්වීම් ලබාගනු ලැබුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් යාපා අබේවර්ධනයි.
උතුර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකා පී.එස්.එම්. චාල්ස් පත්වීම් ලිපිය ලබාගත් අතර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කර ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හිටපු පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන්.

