එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරුවන්ට එරෙහිව නඩු පවරයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරුවන්ට එරෙහිව නඩු පවරයි

ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා හිමිකම්කරු ලෙස නම් කරමින් එක්ස්ප්‍රස් පර්ල් සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් සිංගප්පූරු මහාධිකරණය හමුවේ හිමිකම් පෑමේ ඉල්ලීමක් ගොනු කළ බව අතිරේක සොලිසිටර් ජනරාල් (පරිපාලන) චේතිය ගුණසේකර මහතා පවසනවා.

ඒ අනුව මෙම හිමිකම් පෑමේ ඉල්ලීම පසුගිය අප්‍රේල් 25 වැනිදා ගොනු කර ඇති බව සඳහන්.

මේ පිළිබඳ නඩු සම්මන්ත්‍රණ විභාගය පසුගිය 15 වනදා සිංගප්පූරු මහාධිකරණය (සාමාන්‍ය අංශය) හමුවේ කැඳවනු ලැබුවා.

මේ අනුව එම නඩුව පිළිබඳ වැඩිදුර පසු විපරමක් එළඹෙන ජුනි 01 වනදා සිදු කිරීමට නියමිතයි

එමෙන්ම සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණයෙහි (SICC) නීතිරීති මත පදනම්ව එම අධිකරණය වෙත නඩුව මාරු කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මේ වන විට සලකා බලමින් සිටිනවා

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නඩු පැවරීම හා ඉදිරි නඩු කටයුතු කළමණාකරණය සදහා සිංගප්පූරු නීති සමාගමක් කැබිනට් අනුමැතිය සහිතව පත් කර ඇති බව සඳහන්.

COMMENTS