මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වෙනසක්

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වෙනසක් සිදුකිරීමට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව ඉදිරියේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වාහනයක වත්මන් හිමිකරුගේ සහ පෙර හිමිකරුගේ නම් පමණක් ඇතුළත් කිරීමට තීරණය කර ඇත.
මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ මෙම තීරණය පෙරේදා (17) දින සිට බලපැවැත්වෙන බවය.

