ඉන්දියාවෙන් දිනකට බිත්තර ලක්ෂ 10ක් ආනයනයට සැරසෙයි

ඉන්දියාවෙන් දිනකට බිත්තර ලක්ෂ 10ක් ආනයනයට සැරසෙයි

ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසනවා.

ඉන්දියාවේ කුකුළු ගොවිපළ දෙකකින් බිත්තර ආනයනය සිදු කළ බව පවසන සභාපති එයට අමතරව ඉන්දියාවේ තවත් ගොවිපළ තුනකින් බිත්තර මිල දී ගැනීමට සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙන බවයි ප්‍රකාශ කර සිටියේ,

ඉන්දියාවේ කුකුළු ගොවිපළ පරීක්ෂා කිරීමේ සංචාරයක නිරත වූ සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ නිලධාරීන් තිදෙනා ලබා දී තිබූ වාර්තාව අනුව අලුතෙන් තවත් ගොවිපළ තුනකින් බිත්තර ගෙන්වීමට මෙසේ අවසරය ලැබුණු බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

දිනකට ලක්ෂ දහය බැගින් ආනයනය කරන බිත්තර බේකරි, හෝටල්වලට බෙදා හැරීමට සැලසුම් කර ඇති බවද ඔහු ප්‍රකාශ කර සිටියා.