නෙළුම් කුළුණ, ටෙලිකොම්, ඇතුළු ආයතන 11ක් ජනපති යටතට

නෙළුම් කුළුණ, ටෙලිකොම්, ඇතුළු ආයතන 11ක් ජනපති යටතට

අමාත්‍යාංශ කිහිපයක් යටතේ පැවති ආයතන කිහිපයක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට එක්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ නෙළුම් කුලුන, සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම, ජාතික ලුණු සමාගම, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, මෙලෙස පෙරේදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා යටතට පවරා ගනු ලැබුවා.

එමෙන්ම ගල්ඔය වැවිලි පෞද්ගලික සමාගම, මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානය, පරන්තන් කෙමිකල්ස් ලිමිටඩ් ආයතනය, සීමාසහිත ලංකා ජෙනරල් ටේ්‍රඩින් සමාගම, සීමාසහිත බී.සී.සී. සමාගම සහ නෝර්ත් සී ලිමිටඩ් යන ආයතනද මුදල් අමාත්‍යාංශයට යටතට පවරා ගෙන තිබෙනවා.

මීට පෙර මෙම ආයතන තාක්ෂණ, අයෝජන ප්‍රවර්ධන, ධීවර, සෞඛ්‍ය, වැවිලි කර්මාන්ත, කර්මාන්ත, නාගරික සංවර්ධන හා නිවාස, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික, වෙළඳ වානිජ සහ ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශ යටතේයි පැවතුණේ.