කොළඹ ඉපැරණි ගොඩනැගිලි විදෙස් ආයෝජකයන්ට

කොළඹ ඉපැරණි ගොඩනැගිලි විදෙස් ආයෝජකයන්ට

කොළඹ නගරයේ ඉපැරණි ගොඩනැගිලිවල පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන අවස්ථා සඳහා ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

ඊට අදාළව සාකච්ජාවක් ජෝර්ජියානු ආයෝජකයින් පිරිසක් සමග පැවැත්වු බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කළේ.

කොළඹ පිහිටි ගෆූර් සහ එයිට් ක්ලබ් ගොඩනැගිල්ල වැනි ස්ථාන කිහිපයක් ඒ අනුව නවීකරණය කර ආයෝජන සදහා ලබාදීමටයි එහිදි සාකච්ජා වී ඇත්තේ.

ආයෝජන සදහා යොදා ගැනීමට කටයුතු සිදුකරන බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.